පාසල් ඉංග්‍රීසි කථනයේ සහායට ඇමරිකාවෙන් ස්වෙච්ඡා ගුරුවරු…

දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන් තුළ ඉංග්‍රීසි භාෂාව කථා කිරීමේ හැකියාව සංවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදයේ සාම බලකායේ (US Peace Corps) ස්වෙච්ඡා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සූදානම් වේ.
ඒ පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ ඇමරිකානු තානාපති අලෙයිනා බී ටෙප්ලිස්ට් මහත්මිය අතර ඊයේ (08) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුනි.
ඇමරිකානු ස්වෙච්ඡා ඉංග්‍රීසි ගුරුවරුන්ගේ සේවය 1960 දශකයේ සිට 90 දශකය දක්වා ලබා දෙමින් ඩෙලික් (DELIC) ගුරු පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කර ඇත. නැවතත් 2020 වසරේ සිට ඇමරිකානු ස්වෙච්ඡා ගුරුවරුන්ගේ සේවය ලබාදීමට කැමැත්ත පළ කර ඇති බැවින්, ඒ සඳහා පළමු අදියරේ දී ගුරුවරුන් 30 දෙනෙකුගෙන් ආරම්භව ගුරුවරුන් 150 ක් දක්වා ගුරු කණ්ඩායමක සේවය දුෂ්කර පළාත්වල සිසුන් සඳහා ලබාදීමට නියමිතය.
මේ වනවිටත් විවිධ පළාත්වල පාසල් තෝරා ගැනීමේ කටයුතු සිදු කරනු ලබයි. මුලින් ම ඌව සහ මධ්‍යම පළාත් දෙක සඳහා මෙම ගුරුවරුන්ගේ සේවය ලබා දෙන අතර එක් ගුරුවරයෙකුගේ ස්වේච්ඡා සේවා කාළය වසර 2 කි.
උපුටා ගැනීම : දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)