ඉන්දියාවේ ප්‍රථම බෞද්ධ ප්‍රාන්තය ලඩක්…

ඉන්දියාවේ ප්‍රථම බෞද්ධ ප්‍රාන්තය ලෙස ලඩක් ප්‍රදේශය නම් කිරීමට ඉන්දීය රජය කටයුතු කර ඇත. එම ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගෙන් 70%ක් පමණ බෞද්ධයන් බව සඳහන්ය.
මුහුදු මට්ටමේ සිට අඩි 9800ක උසින් පිහිටා ඇති අති සුන්දර ලඩක් ප්‍රාන්තය මෙතෙක් පැවතියේ ජම්මු කාශ්මීරයට අයත් ප්‍රදේශයක් ලෙසිනි. වර්ග කිලෝ මීටර 59196ක විශාලත්වයෙන් යුත් , අපූරු දේශගුණයකින් සමන්විත ලඩක් ප්‍රාන්තයේ මාස 06ක කාලයක් ග්‍රීස්ම සෘතුවද ඉතිරි මාස 06 සීත සෘතුව ද පවතී. ඉන්දීය රජය නම් කළ බෞද්ධ ප්‍රාන්තයේ ජනගහනය 274289ක් ලෙස වාර්තා වේ. ලෙහ් නගැය විශාලතම නගරය ලෙස ප්‍රකට අතර ලෙහ් සහ කාර්ගිල් ප්‍රධාන නගර වේ.
බෞද්ධ හා සංචාරක පිහිටීම් රැසක් මෙන්ම හිමාල කඳු තරණයට ද ප්‍රසිද්ධ ලඩක් ප්‍රදේශය සංචාරක කර්මාන්තයෙන් විශාල ආදායමක් ලබන බව සඳහන්ය.
උපුටා ගැනීම : දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)