ළඟම පාසල හොඳම පාසල – ව්‍යාපෘති 200ක් අද සිසු අයිතියට..

ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ පාසල් 200ක රුපියල් මිලියන 3,938 කට ආසන්න වියදමක් දරා ඉදිකිරීම් අවසන් කළ ව්‍යාපෘති 200ක් ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කිරීම අද (01) සිදුකෙරේ.
මෙම දීප ව්‍යාප්ත වැඩසටහනේ ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් කුලියාපිටිය ශාන්ත ජෝසප් විදුහලේ නවීන තෙමහල් ගොඩනැඟිල්ල, කුලියාපිටිය සාරනාත් විදුහලේ අංග සම්පූර්ණ ශ්‍රවණාගාරය සහ කුලියාපිටිය ගුරු පුහුණු මධ්‍යස්ථානයේ නව පරිපාලන ගොඩනැඟිල්ල සිසු අයිතියට පත්කරමින් පැවැත්වේ.
‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය යටතේ දිවයිනේ සියලුම පළාත් ආවරණය කරමින් පාසල් 200ක මෙම ඉදිකිරීම් සිදුකර ඇති අතර, ඒ යටතේ දෙමහල් හා තෙමහල් පන්ති කාමර ගොඩනැඟිලි, ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන, තාක්ෂණ විද්‍යාපීඨ, පරිපාලන ගොඩනැඟිලි, විද්‍යාගාර, ශ්‍රවණාගාර, දන්ත වෛද්‍ය මධ්‍යස්ථාන, සෞන්දර්යය ඒකක, දුෂ්කර ප්‍රදේශවල විදුහල්පති හා ගුරු නිල නිවාස, ශිෂ්‍ය නේවාසිකාගාර, තාක්ෂණාගාර, බහුකාර්ය ගොඩනැඟිලි, ආපන ශාලා ඇතුළු ඉදිකිරීම් රැසක් විවෘත කෙරේ. අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතිය 2016 වසර සිට 2020 වසර දක්වා ක්‍රියාත්මක වන අතර, සමස්ත ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත කර ඇති මුදල රුපියල් මිලියන 65,000 කි. මේ යටතේ මෙරට පාසල් 10,165 න් පාසල් 9,063 ක ව්‍යාපෘති 18,000 ක් ක්‍රියාත්මක වේ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)