වයඹ පළාතේ උපාධිධාරින් 1400කට ජනපති අතින් ගුරු පත්වීම්…
වර්තමාන ගුරුවරයා, ගුරු භූමිකාවට සුදුසු නිර්මාණශීලී බවකින් සහ මනා පෞරුෂයකින් යුතු ව ගොඩනැගීමේ වගකීම ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
මෙරට ගුරු සේවයේ නිරත දෙලක්ෂ අසූ දහසක් පමණ වන ප්‍රමාණයෙන් 10% ක් පමණ ගුරු සේවයට නුසුදුසු බව අධ්‍යාපන අමත්‍යාංශය මගින් සිදු කළ නවතම පර්යේෂණයකින් අනාවරණය වී ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ විභාග සහතික ලැබුව ද ගුරු වෘත්තියට අවශ්‍ය ගුණාත්මකභාවය සහ ප්‍රමිතිය නොමැති වීම ඊට හේතු වී තිබෙන බවයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම අදහස් පළ කළේ කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු වයඹ පළාත් උපාධිධාරි ගුරු පත්වීම් ප්‍රදානෝත්සවය අමතමිනි.
උපාධිධාරිහු 1400ක් වෙනුවෙන් ගුරු පත්වීම් ප්‍රදානය කිරීම මෙහි දී සිදු විය.
ජනාධිපතිතුමා අතින් සංකේතාත්මක ව උපාධිධාරින් සිය දෙනෙකු වෙත පත්වීම් ලිපි පිළිගැන්විණි.
උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ ඉගැන්වීමෙන් පමණක් ගුරුවරයාගේ කාර්යභාරය නිම නොවන අතර, පාසල තුළදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳ වගකීම ද පන්තිභාර ගුරුවරයාට පැවරෙන බවයි.
එමෙන් ම දරුවන් නවීන තාක්ෂණය සමග ඉදිරියට යන විට පංතිකාමරයේ අභියෝගවලට ද සාර්ථක ව මුහුණදිය හැකි අන්දමින් ගුරුවරයාගේ දැනුම ද යාවත්කාලීන වීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා පැහැදිලි කළේය.
යඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ශාන්ත බණ්ඩාර, වයඹ පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරුන් වන ධර්මසිරි දසනායක, අතුල විජේසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.
මේ අතර වයඹ පළාත් ආණ්ඩුකාර කාර්යාලය සහිත නව කාර්යාල සංකීර්ණයට මුල් ගල් තැබීම ද ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද සිදු විය.
වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ, වයඹ පළාත් සභාවේ සභාපති ටිකිරි අධිකාරි යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් ව සිටියහ.
උපුටා ගැනීම: දිනමිණ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)