QIB පෞද්ගලික විශ්වවිද්‍යාලයෙන් සියලු පාසල්වලට ස්වයංක්‍රිය සැනිටයිසර් උපකරණ නොමිලේ…
දිවයිනේ සියලුම පාසල්වලට ස්වයංක්‍රිය සැනිටයිසර් උපකරණ නොමිලේ ලබාදීමේ වැඩසටහනක් Q.I.B පෞද්ගලික විශ්වවිද්‍යාලය ආරම්භ කර තිබේ. කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වා මහතා වෙත එම උපකරණ සංකේතාත්මකව භාරදීම පෙරේදා (17) සිදුවිය. ස්වයංක්‍රිය සැනිටයිසර් උපකරණ මගින් ඉතාමත් අඩු විෂබීජ නාශක දියර ප්‍රමාණයක් භාවිතයෙන් අත් සෝදා ගත හැකි අතර එම අවස්ථාවේදීම තම ශරීර උෂ්ණත්වය මැනගැනීම ද ස්වයංක්‍රීයව සිදු කර ගත හැකිය. එම නිසා කොවිඩ්-19 ශරීරගත වී ඇති පුද්ගලයන් හඳුනාගත හැකි වන අතර, එය වඩාත් තහවුරු කර ගැනීමට PCR හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කර ගැනීමට මේ උපකරණය වඩාත් ඉවහල් වනු ඇති බව Q.I.B පෞද්ගලික විශ්වවිද්‍යාලයේ සභාපති ආචාර්ය අසේල පණ්ඩිත මහතා එහිදී පැවසීය.
ඉතා සරල උපකරණයක් වන මෙය කුඩා බැටරි (AA) මගින් ක්‍රියාත්මක කළ හැකි අතර, ගෘහස්ථ විදුලි පද්ධතිය මගින්ද ක්‍රියා කළ හැකිය.
උපුටා ගැනීම: දිනමිණ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 111 ශ්‍රේණියට බඳවා ගැනීමේ තරඟ විභාගය ගැසට් කෙරේ…
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)