සබරගමුව මහ සමන් දේවාල පෙරහර ජාතික උත්සවයක් බවට ප්‍රකාශ වෙයි…
ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය ජාතික උත්සවයක් බවට ප‍්‍රකාශ කිරීමේ මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් සැප්තැම්බර් 13 පස්වරුවේ සබරගමුව මහ සමන් දේවාල පරිශ‍්‍රයේ දී පැවැත්විණි.
ඓතිහාසික සබරගමුව සමන් දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර සබරගමුවේ අනන්‍යතාවය ප‍්‍රදර්ශනය කරමින් අද අභිමානවත් අයුරින් පැවැත්වේ.
එදින පස්වරුවේ එම පුද බිම වෙත ගිය ජනාධිපතිවරයා පළමුව ආගමික වතාවත්වල නිරත වූ අතර ඉන් අනතුරුව ශ‍්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමින්වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
ඉන් අනතුරුව ඓතිහාසික සබරගමු මහා සමන් දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය ජාතික උත්සවයක් බවට පත්කරමින් ඊට අදාළ ප‍්‍රකාශය ඉදිරිපත් කරනු ලැබීය.
සබරගමු උරුමයන්ට හිමිකම් කියන සමන් දේවාලයේ ඇසළ පෙරහර චිරාගත සම්ප‍්‍රදායානුකූල සිරිත් විරිත් හා දැකුම්කළු සංස්කෘතික අංගයන්ගෙන් හෙබි උලෙළකි.
සමන් දෙවිඳුන් මුල් කරගෙන පවත්වනු ලබන මෙම ඇසළ පෙරහරට කලක් තිස්සේ ගොඩනැඟුණු සම්ප‍්‍රදායන් රැසක් එක්ව තිබෙන අතර එම සංස්කෘතික වටිනාකම් රැකගනිමින් ජාතික උලෙළක් ලෙස මෙම පෙරහර මංගල්‍යය සාර්ථක කර ගැනීම වෙනුවෙන් ජනාධිපතිතුවරයාගේ මගපෙන්වීමෙන් එය ජාතික උත්සවයක් බවට පත්කිරීමට පියවර ගැනිණි.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ මිගාර ජයසුන්දර මහතා විසින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය.
උපුටා ගැනීම: අද දෙරණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)