දෙමළ මාධ්‍ය උසස් පෙළ සඳහා නව විද්‍යාලයක් රත්නපුරයේ ඇරඹීමට යයි…
රත්නපුර නව නගරයේ අක්කර 3ක භූමියක උසස් පෙළ දෙමළ මාධ්‍යයෙන් විද්‍යා හා ගණිත විෂය ධාරාවන් හැදෑරිමට හැකි නව විද්‍යාලයක් ඉදි කිරිමට සියලු කටයුතු සුදානම් කර ඇතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන මහතා ඊයේ (19) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දි පැවැති මාධ්‍ය හමුවක දි පැවසිය.
මේ සම්බන්ධයෙන් මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමති පාඨලි චම්පික රණවක මහතාගේ අනුමැතියෙන් නාගරික සංවර්ධන අධිකාරයට අයත් රත්නපුර ප්‍රදේශයේ අක්කර 3ක භුමියක් ලබා ගැනිමට හැකි වු බව ද ඒ මහතා කීය.
මෙම භුමියේ පාසල් ගොඩනැගිල්ල ඉදිකිරිම සඳහා විශාල මුදලක් වැය කිරිමට සිදු වේ.මෙයට මධ්‍ය ම රජයේ මුදල් වලට අමතරව ඊටෙපාඨලි චම්පික රණවක, මනෝ ගනේෂන් සහ පළනිදිගම්බරම් යන අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශ මඟින් ද ප්‍රතිපාදන ලබා දිමට එම ඇමතිවරුන් කැමැත්ත පළකර තිබේ.
රත්නපුරය, ගාල්ල,මාතර,මාතලේ,කළුතර,බදුල්ල,මොනරාගල යන දිස්ත්‍රික්කවල ජිවත්වන දෙමළ දරුවන් උසස් පෙළ දෙමළ මාධ්‍යයෙන් විද්‍යා හා ගණිතය හැදෑරිමට නුවරඑළිය,හැටන්,වව්නියා හා කොළඔ හෝ යාපනය යන ප්‍රදේශවලට යා යුතු බවත් මේ නිසා අවම වශයෙන් එක් දිස්ත්‍රික්කයකට දෙමළ මාධ්‍ය අංග සම්පුර්ණ එක් පාසලක් හෝ අවශ්‍ය බව නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.
මෙම විදුහලේ ඉදිකිරිම් කටයුතු සඳහා පෞද්ගලික අංශයේ ව්‍යාපාරික ප්‍රජාවගේ ද සහයෝගය අපේක්ෂා කරන බව ද ඒ මහතා තවදුරටත් කීය.
මේ අවස්ථාවට අග්‍රාමාත්‍ය සන්නිවේදන ඒකකයේ අධ්‍යක්ෂ නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරින් හා මහජන නියෝජිතයින් පිරිසක් ද එක් විය.
උපුටා ගැනීම: රජයේ නිල පුවත් වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)