ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව අවසන් කරන ලද ඩිප්ලෝමාධාරීන් 4286කට ගුරු පත්වීම්…
දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවත්නා ගුරු පුරප්පාඩු සඳහා 2015/2017 අධ්‍යයන වර්ෂයේ දී තුන් අවුරුදු පූර්ව සේවා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව අවසන් කරන ලද ඩිප්ලෝමාධාරීන් 4286කට ගුරු පත්වීම් ලබාදීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ (08) සිදු විය.
මේ යටතේ ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19ක ගුරු අධ්‍යාපන පාඨමාලා 31ක් යටතේ පුහුණුව ලැබූ ඩිප්ලෝමාධාරීන් 4286කට පත්වීම් ප්‍රදානය කෙරිණි. සිංහල මාධ්‍ය ගුරුපත්වීම් 2340ක්, දෙමළ මාධ්‍ය ගුරු පත්වීම් 1300ක් සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පත්වීම් 646ක් මීට ඇතුළත් ය.
2018 වසරේ පාසල් පද්ධතිය තුළ ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගුරු අවශ්‍යතාව පදනම් කරගනිමින් මෙම ශික්ෂණලාභීන් බඳවාගනු ලැබිණි.
මීට අමතර ව මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2016/2017 අ.පො.ස උසස් පෙළ විභාග ප්‍රතිඵල මත 2018/2019 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට සිසුන් බඳවාගැනීම ශික්ෂණලාභීන් 8000ක් බඳවාගැනීම එළඹෙන සැප්තැම්බර් 25 වන දින සිදුකිරීමට නියමිත ය. එමෙන් ම, ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ශික්ෂණලාභීන්ගේ දීමනාව 2018 වසරේ සිට රුපියල් 3, 500 සිට රුපියල් 5, 000 දක්වා ඉහළ නැංවීමට ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනටමත් පියවර ගෙන ඇත.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍යාගමික නායකයින්, එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් එම්.එන්. රණසිංහ යන මහත්වරුන් ප්‍රමුඛ විද්‍යා පීඨ පීඨාධීපතිවරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගීවී සිටියහ.
උපුටා ගැනීම: දිනමිණ
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)