ඇමසන් වනය ගිනිගනී…
ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් මේ වන විට ලැව් ගිනි මාලාවකට ගොදුරුව පවතී. මීට සති 3 කට ඉහත සිට මෙම ලැව් ගින්න ආරම්භව ඇති අතර මෙම තත්වය බරපතල ලෙස උත්සන්නව ඇත්තේ අඟහරුවාදා(20) සිටය. චන්ද්‍රිකා දත්ත අනුව ගිනිගැනීම් 84%ක් වර්ධනය වී ඇති බව එරට ජාතික අභ්‍යාවකාශ අධ්‍යන ආයතනය පැවසුවේය.
2013 සිට මේ දක්වා වූ ගිනිගැනීම් වලින් ඉහළම අගය වාර්තා වන්නේ, ජනවාරි මාසයේ සිට අගෝස්තු දක්වා කාලය තුළ වූ ගිනිගැනීම් 74,000ක් සම්බන්ධයෙන් බවත්, ඇමසන් වන ප්‍රදේශය ආශ්‍රිතව වනාන්තරවල ගිනිතැබීම් 9,500ක් පසුගිය බ්‍රහස්පතින්දා සිට වාර්තා වී ඇති බවත් ගණන් බලා ඇත.
ඇමසන් වනාන්නතරය ගිනිගැනීමෙන් නැගුණු දුමාරය සාඕ පාවුලෝ නගරයේ කිලෝමීටර 2,700ක පමණ දුරකට විහිදී තිබිණි. නමුත් ඇතැම් කාලගුණ විද්‍යාඥයින් පවසා සිටියේ ඇමේසන් වනාන්තරයේ පැවතියේ, පාවුලෝ නගරයට සමීපව පිහිටි පැරගුවේ නගරයේ ඇති වූ ගිනිගැනීම් කිහිපයකින් පැන නැගුණු දුමාරය බවයි.
උපුටා ගැනීම – අන්තර්ජාලය ඇසුරෙන්
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)