නේපාලයේ එවරස්ට් ආශ්‍රිතව ප්ලාස්ටික් භාවිතය තහනම්…
නේපාලයේ එවරස්ට් කඳු තරණයට පැමිණෙන පිරිස් කිසිම ආකාරයක ප්ලාස්ටික් භාවිතයක් සිදුකළ නොහැකි බවට නව නීතියක් පනවා තිබේ.
මීට පෙර ආහාර සහ ජලය ආදිය රැගෙන යාමේදී ප්ලාස්ටික් භාවිතයට යම් අවසරයක් ලැබුණත්, කඳුතරණය කරන්නන් විසින් කඳු මුදුනේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය දමා පැමිණෙන බැවින් මෙම දැඩි නීතිය පනවා තිබේ.
2020 ජනවාරි මාසයේ සිට ඛුම්බු පසාන්ග් ලාහ්මු නගරසභාව විසින් මෙම නීතිය ක්‍රියාවට නංවන බව නේපාලයෙන් වාර්තා වෙයි.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම නීතිය ක්‍රියාවට නැංවීමෙන් පසුව ඔවුන්ගේ පළාත, විශේෂයෙන්ම එවරස්ට් කඳු මුදුන සැමදා ඉතා පිරිසුදු තත්ත්වයෙන් ආරක්ෂා කරගැනීමට හැකිවනු ඇත.
නේපාල බලධාරීන් මෑතකදී එවරස්ට් කඳු මුදුනේ තිබී කුණු ටොන් 11ක් ඉවත් කිරීමට කටයුතු කර තිබුණි.
උපුටා ගැනීම: අද වෙබ් අඩවිය
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)