සාමාන්‍ය පෙළ උත්තර පත‍්‍ර බලන ගුරුවරුන්ට පුහුණුවක්…
සාමාන්‍ය පෙළ විභාගය අද (12) අවසන්වීමෙන් පසු කලහකාරී සිද්ධීන් ඇතිවීම වැළැක්වීම සඳහා විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කර ආරක්ෂක අංශ ද සූදානමින් තබා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාගය අවසන්වීමෙන් පසු කිසියම අයදුම්කරුවෙකු කලහාකාරීව හැසිරුණ හොත් එවැන්නන්ගේ ප‍්‍රතිපල අවලංගු කළ හැකි බව ද මෙහිදී සිහිපත් කෙරුණා.
මේ අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත‍්‍ර ඇගයීම ලබන 26 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.
උත්තර පත‍්‍ර ඇගයීම සඳහා සහභාගී වන ගුරුවරුන් වෙනුවෙන් පුහුණුසැසි ද පැවැත්වෙනවා. ලබන 18 සහ 19 යන දිනවලදී ඊට අදාළ රැස්වීම් පැවැත්වීමට නියමිතයි. අයැදුම්කරුවන් හත් ලක්ෂ 17,008 දෙනෙකු මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා.
උපුටා ගැනීම: නෙත් NEWS
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්‍රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)