Z Score සමාලෝචනය කරයි – දිස්ත්‍රික් වෙනුවට පාසල් පදනමක්

උසස්පෙළ සිසුන් සරසවි වරම් ලබාගැනීමේදී සළකා බලන Z Score ක්‍රමය සමාලෝචනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඒ අනුව දැනට සලකා බලන 40%ක කුසලතා පදනම ඒ ආකාරයෙන්ම තබා ගනිමින් දිස්ත්‍රික් කුසලතාවයෙන් සලකා බලන සියයට 55 වෙනුවට පාසල් පදනමක් යොදා ගැනීමටත් කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව ජීව විද්‍යා, ගණිතය, තාක්ෂණ, වාණිජ්‍ය හා කලාව යන විශයධාරා ඇති පාසල් 3098 පදනම් කරමින් මෙම පාසල් පදනම සලකා බැලීමට නියමිතය.
එය සළකා බැලීම වෙනුවෙන් තාක්ෂණික කමිටුවක් පත්කිරීමට නියමිතය.
කෙසේ වෙතත් මෙම නව ක්‍රමය මේ වසරේ දෙසැම්බර් පැවැත්වෙන උසස්පෙළ විභාගයට අදාළ නොවන බවත් 2020 වසරේ පැවැත්වෙන උසස්පෙළ විභාගයේදී සළකා බලන බවත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
ඒ අනුව නව ලකුණු ක්‍රමය 2021 සරසවි ප්‍රවේශය සඳහා සලකා බලන බවත් ඔහු ප්‍රකාශ කළේය.
උපුටා ගැනීම : ada.lk
ලංකා කළමනාකරණ සංවර්ධන ආයතනය ඩිප්ලෝමා සහ සහතිකපත් ප්රදානය කෙරේ…
පවුල් සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීමට ගැසට් කෙරේ…
සාමාන්‍ය පෙළ ප්‍රතිපල අප්‍රේල් 30 ට පෙර : උසස් පෙළ විභාගය කල් දමා නැහැ
බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ පුහුණු තනතුරු සඳහා බඳවා ගැනීම (පළමු අදියර)